Tuesday, February 9, 2016

control your Diabetes


දියවැඩියා රෝගීන්ට සුදුසු ආහාර වට්ටෝරුවක්


ඔබ අධික තරබාරුකම හෝ වෙනත් රෝගී තත්වයක් සහිත රෝගියෙක් නම් පහත ආහාර වට්ටෝරුව අනුගමනය කීරිමට පෙර පෝෂණවේදියකුගේ උපදෙස් ලබාගන්න.

උදේ 6.00ට

කිරි තේ වීදුරුවක්. (සීනී නැතිව.)/ දියවැඩියාව සදහා සැකසූ විශේෂ පානයක්

උදේ ආහාරය -පෙ.ව. 700-7.30

බත් පීරිසි කෝප්ප 11/2 හෝ මුන් ඇට/ කඩල/කව්පි/පීරිසි කෝප්ප   1 හෝ ඉදි ආප්ප 6-7
ගස්ලබු තීරුවක් /කුඩා ඇඹුල් කෙසෙල් 1

උදේ 10.00

කිරි තේ හෝ පළතුරු යුෂ වීදුරුවක් සහ කැකර් වැනි පැණිරස අඩු බිස්කට් 1 දියවැඩියාව සදහා සැකසූ විශේෂ පානයක්.

දහවල් ආහාරය-පෙ.ව 12.00-1.00

බත් පීරිසි කෝප්ප 1
පිටි ගතිය අඩු එළවළු පීරිසි කෝප්ප 11/2 (ලීක්ස්,වම්බටු/දඹල.)
පලා වර්ගයක් හෝ එළවළු සලාදයක් පීරිසි කෝප්ප 11/2
මස්/මාළු / බිත්තර/ හාල්මැස්සෝ/ කරවල/ මේස හැදි 1-2
සත්ත්ව ආහාර නොගන්න විට  පරිප්පු/ මුන් ඇට/ කව්පි/ කඩල/ සෝයා හතු වැනි කෑමක් ආහාරයට එක්කර ගන්න
.
සවස 4.00

කිරි තේ වීදුරුවඛෝ පළතුරු යුෂ වීදුරු 1ක් (සීනී නැතිව.)/ දියවැඩියාව සදහා සැකසූ විශේෂ පානයක්.
තරමක ඉදුණු පළතුරක් හෝ පැනි රස අඩු බිස්කට් 1-2

රාතී ආහාරය 

දහවල් ආහාරයේදි මෙන් බත් කෝප්ප 11/2 හෝ ඉදි ආප්ප 6-7 එළවළු සමග


Sunday, February 7, 2016

දියවැඩියාව නිසා ඇතිවන අතුරු ආබාධ

දියවැඩියාව ඇතිනම් පරිස්සම් කරගත යුතු අවයවය කුමක්දැයි ඇසුවොත් ඔබේ පිළිතුර කට වේ පැණිරස කෑමෙන් කට පරිස්සම් කර ගත්තොත් හොදයි තමයි ඒත් දියවැඩියා රෝගින්ගෙන් 70%ක් මියයන්නේ හර්දයාභාධ වලින් 16% මියයන්නේ අන්ශභාගයෙන්. දියවැඩියා රෝගින්ගෙන් 65%ක් පමණ අධි රුධිර පීඩනයෙන් පෙළේ. අන්ධභාවයට හේතුවන රෝග අතර දියවැඩියව මුල් තැනක් ගනී.

              ඒ අනුව හදවත, වකුගඩු, මොළය, ඇස දියවැඩියාවේදී රැක ගත යුතුම අවයව බව පෙනේ  

දියවැඩියා වර්ග


පළමු වර්ගය

මෙහිදී අග්නාශයේ ඉන්සියුලින් නිපදවිම් අඩුවිම හෝ කොහෙත්ම නිපදවන්නෙ නැත බොහෝ විට මෙම තත්වය ඇති වන්නේ කුඩා දරුවනට හෝ තරුණ අයටයි.මෙයට ඉන්සියුලින් පිටතින් සැපයිය යුතුය.

දෙවන වර්ගය

මෙහිදී සිදුවන්නේ ඉන්සියුලින් තිබුනද ඒවා සයිල ඔස්සේ භාවිත නොකිරිමයි මෙම තත්වයට ආහර පාලනය මගින් හෝ බෙහෙත් මගින් සුව කළ හැකි අතර සමහර විට ඉන්සියුලින් පිටතින් සැපයිය යුතුය.



ගර්භනී අවස්ථාවේ ඇතිවන දියවැඩියාව

ගර්භනී අවධියේදී රුධිර ගත සීනී මට්ටම වැඩි වියහැක පසු කලෙක එය දියවැඩියාව් ඇතිවිමට හේතුකාරක විය හැක

දියවැඩියවෙහි රෝග ලක්ෂණ

අධික පිපාසය දැනිම
ආහාර රුචිය වැඩිවිම
බර අඩුවිම
නිදිමත ගතිය
තෙහෙට්ටුව
දිවා රෑ මුත්‍රා පිටවිම වැඩිවිම
ඇස්  පෙනිමේ දුර්වලතා

Monday, February 1, 2016

දියවැඩියාව යනු කුමක්ද?

සෑම පුද්ගලයෙකුගේම රුධිරයේ යම් කිසි සීනී මට්ටමක් ඇත. මෙය අධික ලෙස ඉහළ යෑම දියවැඩියාව ලෙස හදුන්වයි.

               තිබිය යුතු මට්ටම -  FBS = 60-110 mg/dl - පැය 10 නිරාහාරව සීටීමෙන් පසු රුධිරයේ සීනී තත්වය

                                            PPBS = 80-140 mg/dl-ආහාර ගෙන පැය 2කට පසු පරික්ෂා කරන රුධිරයේ සීනී තත්වය